හෙළරට - ප්‍රාදේශීය පුවත්

අංගම්පොර සබරගමුව පළාත තුළ ව්‍යාප්ත කරනවා – සබරගමු ආණ්ඩුකාර

🖋️කෑගල්ල -රාජපක්ෂ

දේශීය සටන් කලාවක් වන අංගම්පොර සබරගමුව පළාතේ ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය දා (17) සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එදින (17) දැදිගම පැවති අංගම්පොර සටන් කලා ප්‍රදර්ශනයට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ, අංගම්පොර සටන් කලාව පාසැල් ශිෂ්‍ය සහ තරුණ ප්‍රජාව වෙත ප්‍රගුණ කිරීමට අවශ්‍ය අවස්ථාව සලසා දෙන බවය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාරම්පරික අංගම්පොර සටන් පුහුණුකරු වන ලක්ෂ්මන් ප්‍රියරත්න මහතා මෙහිදී පැවසූවේ,
අංගම්පොර, අංග හෙවත් ශාරීරික සටන් ඉලංගං හෙවත් පොලුමුගුරු, කෙටේරි වැනි ආයුධ 36 භාවිතා කරන සටන් වලින් සමන්විත බවය.

එමෙන්ම භාවනාව, හෙල වෙදකම, ජොතිෂ්‍ය මෙන්ම රණබෙර වැයීමද අංගම්පොර ශිල්පීන් හැදෑරිය යුතු බවය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, එම සියල්ල හදාරපු අංගම්පොර ශිල්පීන් සඳහා සන්නස් පත්‍රයක් ප්‍රදානයක් කරන බවය.

ජෝන් ඩොයිලිගේ සමයේ අංගම්පොර තහනම්කළ බව සඳහන් කළ ලක්ෂ්මන් ප්‍රියරත්න මහතා, බෙරවාදනය ඉගැන්වීම මුවාවෙන් අංගම්පොර සටන්ක්‍රම රහසේ උගන්වා පරම්පරාවෙන් පරම්පරාවට එය රැගෙන ආ බව පැවසීය.

Related posts

කොළඹ දිසාවෙන් කෝවිඩ් වලින් ආරක්ෂාවට රටට සෙත්පතා පිරිත්…

Helarata

පාසැල් ඇරඹිමට පෙර ආරක්ෂිත සෞඛ්‍ය පිලිවෙත් කියාදේ…

Helarata

පාණදුර භික්ෂු වාට්ටුව කොරෝනා රෝගීන්ට

Helarata

Leave a Comment

Translate »