හෙළරට - දේශිය පුවත්

අගමැතිට තැපෑලෙන් එවූ පන්දහස හේවාහැට අතින්ම ජනපතිට ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා .20 පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නේය.

පසුගිය දිනක අග්‍රාමාත්‍ය වෙත රුපියල් පන්දහසක් ද සමඟින් තැපෑලෙන් යොමු කර තිබූ එම ලිපිය කියවූ අග්‍රාමාත්‍යවරයා අසූ හයවියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස තම සමාජ වගකීම නිසි ලෙස හඳුනාගත් හේවාහැට මහතාගේ පරිත්‍යාගශීලීත්වය අගය කළ යුතු බව ප්‍රකාශ කරමින් ඒ මහතා අතින්ම එම මුදල ජනාධිපති වෙත පිළිගැන්වීමට අවශ්‍ය කටයුතු සළසන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මිරිසවැටිය පුදබිමේ පැවැති දානමය පිංකම අවස්ථාවේ දී කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා හේවාහැට මහතා විසින් පරිත්‍යාග කරන ලද එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට ඒ මහතා වෙත අවස්ථාව සළසාදෙනු ලැබිණි.

එම අවස්ථාවට හේවාහැට මහතාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.

Related posts

නෙළුම්වැවට අලුත් සමනල්ලු ඇවිත්…

Helarata

කටා­රයේ දෝහාහි ශ්‍රී ලාංකි­ක­යන්ට දිග­ටම සහන….

Helarata

Overeating Healthy Food Is As Bad As Eating Junk Food

Helarata

Leave a Comment

Translate »