හෙළරට - දේශිය පුවත්

අඩුආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ බර වැඩිවෙලා…..

නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්
අධිබර තත්ත්වයට පත් වෙමින් තිබෙන බව
සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයක දී
හෙළි වී තිබේ.


කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වල
දරුවන් තුන්සිය පනහක් සහභාගි කරගෙන
සිදු කළ මෙම සමීක්ෂණයේ දී මේ බව හෙළි
වූ බව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණයාතනයේ
පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය
රේණුකා ජයතිස්ස පැවැසුවාය.

මෙම දරුවන්ගේ දෙමාපියන් සහ පවුුලේ සාමාජිකයින්ගේ ද ආහාර භාවිතය පිළිබඳ අධ්‍යයනය කර තිබේ. අඩු ආදායම්ලාභී පවුල්වල වැඩි වශයෙන් සමබර ආහාර වේලක් ලබා නොගැනීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගද ඔවුන්ගෙන් දක්නට ලැබුණි. විශේෂයෙන්ම මෙවැනි පවුල් දෛනිකව හෝටල්වල සකස් කරන ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වැනි දෑද ආහාරයට ගැනීම මෙම තත්ත්වය වර්ධනය වීමට හේතු වී ඇත.

Related posts

අධික වර්ෂාවත් සමග තද මීදුම් තත්ත්වයක්

Helarata

මුහුදු වටා ප්‍රදේශවල තද සුලං…

Helarata

මෙවර කළා විෂය තෝරා ගන්නා දරුවන් සිංහල භාෂාව අනිවාර්ය කර ගන්න …

Helarata

Leave a Comment

Translate »