හෙළරට - දේශිය පුවත්

දේවාලයට අසීමිතව බැතිමතුන් ගත් කතරගම දේවාලයේ බලධාරින්ට නඩු…

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

අප රට තුළ කොරෝනා වසංගතය යම් මට්ටමකට මැඩ පැවැත්වුවද ඉන්දියාව, තමිල් නාඩුව වැනි රට වල බරපතළ අයුරින් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා අප රටේ ජනතාවද ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතු බවද කියා සිටියේය.

යමිකිසි විදියකින් කොරෝනා වයිරසය ආසාධිතවූ පුද්ගලයෙකු දේවාලයේ බැතිමතුන් පිරි සිටින අවස්ථාවක ඇතුළු වුවහොත් කතරගම ඇතුළු රට පුරා මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, කතරගම ප්‍රදේශය ද වසා දැමීමට සිදු වන බවත් අවධාරණය කළේ ය .

මේ නිසා දුරස්ථභාවය, මුඛ ආවරණ, දෙඅත් සේදීම වැනි නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ ම පිළිපැදිය යුතු බවද දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

Related posts

ඇඳිරි නීතියේ නව සැලැස්ම

Helarata

සති අන්තයේ පාටි, ක්‍රීඩා තරඟ බැහැ..

Helarata

මාලදිවයිනේ ලාංකිකයන් 1500ක් කොටු වෙලා…

Helarata

Leave a Comment

Translate »