හෙළරට - දේශිය පුවත්

ලාංකිකයන් 50ක් ඔස්ට්‍රෙිලියාවෙන් එයි….

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් (21) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට එරටට ගොස් සිටි සිසුන් බව වාර්තා වේ .

මොවුන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන විශේෂ ගුවන් යානයෙන් (21) දින දහවල් 1.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .

Related posts

කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා…

Helarata

අත්තනගල්ලේ නාහිමිගෙන් රු. කෝටියක (මිලියන 10) පරිත්‍යාගයක්

Helarata

බස් ධාවන මංතීරු නව ක්‍රමයකට…

Helarata

Leave a Comment

Translate »