හෙළරට - දේශිය පුවත්

විනාශවුණු ආර්ථිකය ඉදිරියේදි ශක්තිමත් කරනවා….

පසුගිය අවුරුදු පහ තුළ කඩාවැටුන, විනාශ වුණු , ණයවුන ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

කුරුණෑගල වාරියපොළ එළවිටිගම දී (2020.06.21) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කලේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා.
තමුන්නාන්සේලා දන්නවා 2015 අපි පැරදුනාට පස්සේ රටේ ඇතිවුණ තත්ත්වය. අපි අරගෙන ආපු සංවර්ධනය පසුගිය අවුරුදු පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වෙලා ගියා. අපි ශක්තිමත් ආර්ථිකයක් ලබා දුන්නා. ඒ ශක්තිමත් ආර්ථිකය පසුගිය අවුරුදු පහ තුළ කඩා වැටුනා. අපිට ආපහු බාර දුන්නේ කඩාවැටුනු, ණය වුණු, විනාශ වුනු ආර්ථිකයක්. මේ තත්ත්වයේ වෙනසක් ඇති කරන්න දැන් අපි සූදානම් වෙලා ඉන්නවා.
ඒ යුගයේ හදපු ශක්තිමත් ආර්ථිකය කඩා වැටුණ නිසා විරැකියාව වැඩි වුණා. රටේ හැම අංශයක්ම හැම තත්jයක්ම පෙන්නුවෙ දුර්වලතාවයක් පමණයි. රටේ සංවර්ධනය, පාරවල් ටික හදපු ටික විතරක් නෙවෙයි වැව් අමුණු පවා සියල්ලම විනාශ වුණා. මේ හැම දේකටම පිළිතුරක් ඔවුන්ට තිබුණේ නැහැ. අඩු ගානේ වල් අලි උවදුර නවත්වන්න ඕන කියලා, මර්දනය කරන්න ඕනේ කියලා, මේ අලි මිනිස් ගැටුම නවත්තන්න ඕනේ කියලා වත් ඔවුන්ට හැඟීමක් ශක්තියක් තිබු‍නේ නැහැ. මේ තත්ත්ව යටතේ තමයි අද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ.
ජනාධිපතිවරණය ඉවර වෙලා පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් යනකම් විසුරවන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අපි ආණ්ඩුවක් පිහිටෙව්වා. විපක්ෂයට ආසන වැඩියි. ඒක නිසා අපි මුදල් පනතක් ගේන්න හදන හැම වෙලාවෙම විපක්ෂය අපිට බාධා කළා.
අපි දැක්කා ආණ්ඩුවක්. ජනාධිපතිවරයා එක පක්ෂයක. අගමැතිවරයා අනිත් පක්ෂයේ ඉන්නකොට ඇතිවුන තත්ත්වය. ජනාධිපති කියනදේ අගමැතිවරයා කලේ නෑ අගමැති කියන දේ ජනාධිපතිවරයා කරන්නෙ නෑ. ඒක හින්දා මේ තත්ත්වය නැවත ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයා ගේ පක්ෂයේ,ජනාධිපතිවරයා නියෝජනය කරන. ජනාධිපතිවරයාට නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ජනාධිපතිවරයාට සහයෝගය දක්වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එම නැත්නම් මේ කාර්යය කරන්න බෑ. අවසානයේ මේ දේවල් වලින් බැට කන්නේ ජනතාවයි. ඒ නිසා අපි සූදානම් වෙලා තියෙනවා මේ කාර්යයන් කරන්නත්, මේ රට ඉදිරියට ගෙන යන්නත්.
අපි හැම අසනයකටම අපේක්ෂකයෙක් තෝරගත්තෙ තමන්ගෙ දිස්ත්‍රික්කය පිලිබඳවත් තමන්ගේ ආසනය පිළිබඳවත් හොඳින් දන්න පිරිසයි. ඒ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ඕනෙ පිලිවෙලත් තමන්ගේ ආසනේ සංවර්ධන කටයුතු පිළිබඳවත් ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා රට ගැන රටේ ආර්ථිකය ගැන ලෝක ආර්ථිකය ගැන ලෝකයේ දියුණු වෙන රටවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිරිසක් තමයි අපි තෝරා ගත්තේ.
ඔබට තියෙනවා ලොකු වගකීමක් මේ මැතිවරණයේ දී ඉතා ඉහලින් ජයග්‍රහණය කරවලා තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න.
මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. 19 වැනි වගන්තිය ඉදිරිපත් කරලා පෞද්ගලික පළි ගැනීම් සිදු කරපු පනත සංශෝධනය විය යුතුයි. මේ ව්‍යවස්ථාව අද විහිලුවක් වෙලා තියෙනවා. මේ දහනව වැනි සංශෝධනය ඉදිරිපත් කරපු ,ඒවා ලියපු උදවියම අද කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනි කියලා. එහෙම නම් අනිවාර්යෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය වගකීම දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවන්න තුනෙන් දෙකක බලයක් ´නේ. ඒ ආණ්ඩුව පිහිටුවන්න තමුන්න්සේලා ඡන්දය පාවිච්චි කරයි කියන විශ්වාසය මට තියෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රීක් අපේක්ෂක වරුන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී බී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

පරිප්පු සහ ටින් මාලු පාලන මිල ඉවතට..

Helarata

Why Bold Socks Are The ‘Gateway Drug’ To Better Men’s Fashion

Helarata

කළුතර,කොළඹ ගම්පහ,රත්නපුර ජලගැලීම් අවදානමක්..

Helarata

Leave a Comment

Translate »