හෙළරට - දේශිය පුවත්

සජිත්ගේ හිස් වූ තනතුරට රවී සහ දයා ද්වන්ධ සටනක…

සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේ යන මහත්වරුන් අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ගැන දැඩි බලාපොරොත්තුවකින් සිටියද, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩි කැමැත්ත දයා ගමගේ මහතාට ලැබෙමින් පවතින බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව සිටි දයා ගමගේ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සාදා ඇත්තේද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට අනුව බවද සඳහන්ය

මේ අතර දයා ගමගේ මහතා මේ වනවිට හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයට ද පත් කර තිබේ

Related posts

විදේශ ඇමැති -ජපන් තානාපති හමුවක්..

Helarata

මුඛ ආවරණ අනිඅනිවාර්යයෙන්ම පැලදිය යුතුයි….

Helarata

සංචාරකයන්ට නවාතැන් ලියාපදිංචි ස්ථානවල පමණයි…

Helarata

Leave a Comment

Translate »