හෙළරට - ප්‍රාදේශීය පුවත්

සිතාවක රාජ්‍ය නිළධාරීන් ඇගයේ….

කොවිඩි 19 ව්‍යසනය හමුවේ සිය රාජකාරී වගකීමෙන් ඔබ්බට ගොස් ජනතා සහන සහ සේවා ලබා දුන් සහ වසංගත තත්ත්වය මර්දනය කර ගැනීම සඳහා කැප වූ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇගයීමේ උළෙලක් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණ.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්.දිල්හානි මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරුණා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා මෙම ඇගයීම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට ම මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනතාවට සහන සැලසීමේදීත්, කොරෝනා මර්දන කාර්යයේදීත් ශක්තියක් වෙමින් බොහෝ කැපවීම් කල සියලු නිලධාරීන් වෙත දිස්ත්‍රික් ලේකම්වරයා සිය ප්‍රශංසාව පල කර සිටියා.

ඇගයුමට ලක් වූ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන් ද ඇතුලුව කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් වෙත සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී ප්‍රදීප් යසරත්න මහතා අතින් සිදු වුණා.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්.දිල්හානි මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක මහතා, කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය, සීතාවක සහකාර ප්‍රාදේශීය ලේකම් පී.එම්.ඩබ්ලිව්.ගමගේ මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම ඇගයුම් උළෙලට එක් ව සිටියා.

තොරතුරු – කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය –

Related posts

කෑගල්ලේ ගංවතුරෙන් බැටකන ගම්වලට දිසාපති යයි…

Helarata

තංගල්ලට අලුත් රෝහලක්!….

Helarata

ආපදාවලට ලක්වුණු පවුල්වල වර්ඩ්ල් විෂන් සුබසාධන කටයුතු සාර්ථකව අවසන්….

Helarata

Leave a Comment

Translate »