හෙළරට - විදෙස් පුවත්

ඉන්දීය හමුදා චීනයේ කේන්තිය ඇවිස්සුවාලු…

මතභේදාත්මක හිමාලයානු දේශ සීමාවේදී පසුගිය සතියේ සිදුවූ මාරාන්තික ඉන්දු-චීන හමුදා ගැටුම පිළිබඳව චීනය පළමු වරට නිල ප්‍රකාශයක් සිදුකර ඇත.

එම ප්‍රකාශය ඔස්සේ චීනය චෝදනා කර ඇත්තේ ඉන්දීය හමුදා ‘හිතාමතාම ප්‍රකෝප කිරීමක්’ සිදුකර ඇති බවයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාවෝ පවසා ඇත්තේ ඉන්දීය භට පිරිස් චීන භූමියට ඇතුළු වී පහරදීමක් සිදුකර ඇති බවත්, එහිදී දරුණු භෞතික ගැටුම් සිදුව ඇති බවත්ය.

කෙසේ වෙතත් චීන ප්‍රකාශකයා මෙහිදී කිසිදු චීන තුවක්කුකරුවකු පිළිබඳ විස්තරයක් ලබාදී නැත. කෙසේ වෙතත් මෙම ගැටුම පිළිබඳව පසුගිය සිකුරාදා අදහස් පළ කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ චීන සොල්දාදුවන් සිය දේශසීමාව තරණය කර නොමැති බවත්, තම රාජ්‍යයට කිසිදු භූමි ප්‍රදේශයක් අහිමි වී නොමැති බවත්ය.

අවශ්‍ය වුවහොත් හමුදා බලය තවදුරටත් තර කොට දේශසීමාව ආරක්ෂා කිරීමට ඉන්දියාව පසුබට නොවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ගැල්වාන් නිම්නයේ සිදුවූ මෙම ගැටුමින් ඉන්දීය සොල්දාදුවන් 20ක් ජීවිතක්ෂයට පත්වූ අතර දෙපාර්ශ්වයටම දැඩි හානි සිදුව තිබිණි. ගැටුමින් චීන සොල්දාදුවන් 35ක් පමණ මියගිය බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබූ නමුත් චීනය කිසිදු අවස්ථාවක නිල සංඛ්‍යා ලේඛන අනාවරණය කළේ නැත.

Related posts

බුදුන් වහන්සේ යනු දැඩි අධිෂ්ඨාන ශක්තියේ ප්‍රතිමූර්තියක් …

Helarata

ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට…

Helarata

ඩෙන්මාර්කය – නෝර්වේ උඩින් යන්න අවසර..

Helarata

Leave a Comment

Translate »