හෙළරට - දේශිය පුවත්

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයන් 20,000 කගේ රැකියා අහිමිවීමේ අවදානමක්…

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදෙස් ගතව සිටින ලාංකිකයින් 20,000 ට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ.. විදේශසේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල චචරන්දෙනිය මහතා ප්‍රකාශ කළේ, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා තානාපති කාර්යාල මට්ටමින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර විදෙස්ගතව සිටින ලාංකිකයින් 50,000 ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා. විදේශ ශ්‍රමිකයින්ගේ ගැටළුවලට කඩිනම් පිළිතුරු සෙවීමට උනන්දු වුවද කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ සෑම රටක්ම කඩා වැටී තිබීම ඊට බාධාවක් බවද රන්දෙණිය මහතා පැවැසුවේය.

රැකියා පසුව ලබාදීමට ඇතැම් රටවල් මේ වන විට එකගතාව පලකර ඇති බවත්, ඒ අනුව මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයින්ට ඉදිරියේදී හෝ ඒ සඳහා යොමුවීමට අවස්ථාව උදා කිරීම කාර්යාංශයේ අපේක‍ෂාවයි.

Related posts

කුඩු මෙට්‍රික් ටොන් 14ක් ඉතාලියෙන් හමුවේ….

Helarata

විදෙස් නාහිමිවරුන් අරමුදලට දායකත්වය දක්වති.

Helarata

සෞඛ්‍ය රකින බවට ආයතන ප්‍රධානින් ගෙන් සහතිකයක් ගන්න යයි…

Helarata

Leave a Comment

Translate »