හෙළරට - දේශිය පුවත්

ගයාන් හා දීපිකා වීඩියෝවෙන් අතිනතගනී….

කොවිඩ් -19 ආශ්‍රිත සීමාවන්ට බාධා කිරීමට ඉඩලබාදී නොදී කළින් යොදා ගත් දිනයේදීම විවාහ වූ දෙරටක වෙසෙන ශ්‍රී ලාංකික යුවළක් පිළිබඳව ඛලීජ් ටයිම්ස් (khaleej Times) පුවත්පත් සේවය වාර්තා කරයි.

මෙම ශ්‍රී ලාංකික යුවළගේ විවාහය සිදුවන අවස්ථාවේදී මනාලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිත්, මනාලයා ශ්‍රී ලංකාවේත් රැඳී සිටීම ඉතිහාසගත වන විශේෂත්වයක් විය. ටයිම්ස් වාර්තාවට අනුව ගයාන් සහ නදීකා යන මෙම මනාළ යුවළේ මනාලියට යොදාගත් විවාහ දිනය වන ජුනි 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇත්තේ කොවිඩ් -19 වසංගතය නිසා ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔවුන් විවාහය කල්දැමීමට කටයුතු නොකර නියමිත දිනයේදීම රටවල් දෙකේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිය විවාහ මංගල උත්සවයේ කටයුතු සම්පූර්ණ කර ඇත.


මෙම විවාහයේ මනාලිය වන දීපිකා ඛලීජ් ටයිම්ස් වෙත පවසා ඇත්තේ ‘‘අපි ආගම් දෙකකට අයිතියි. මීට වසර පහකට කළින් අපි රැකියාවන් සඳහා ඩුබායි වෙත පැමිණියා. විවාහ වී සතුටින් නව ජීවිතයක් ආරම්භ කිරීමට අපි සැලසුම් කළා’’ යනුවෙනි.


ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව ගයාන් ඉක්මණින් තමන් වෙත පැමිණෙතැයි අපේක්ෂාවෙන් සිටින නදීකා වැඩිදුරටත් ඛලීජ් ටයිම්ස් වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන්කර ගත් නිවසට තමා දැනටමත් පැමිණ ගෘහණියක් ලෙස කටයුතු ආරම්භකළ බවයි.

Related posts

කොරෝනා වෛරසය මිනිසාගේ නිර්මාණයක් නොවේ ..ඇමරිකානු බුද්ධි අංශ කියයි

Helarata

වාහන ආදායම් බලපත්‍ර වලංගු කාලය දික්වෙයි….

Helarata

නැගෙනහිර පුරාවස්තු රකින බළකාය ගැසට් කරයි

Helarata

Leave a Comment

Translate »