හෙළරට - දේශිය පුවත්

නෝර්වේ යන්න ගිය නඩරාජා TID භාරයට…

LTTE නෝර්වේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන්   21 අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි සේතුපරන් අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ප්‍රශ්නකිරීම්වලට ලක්කර ඇති බවත් වාර්තා වෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප්‍රමාද කළ ඔහු, ජුනි 20 මැදියම් රාත්‍රී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොස් ඇත්තේ යළි නෝර්වේ බලා යාමට ය. කටාර් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් නෝර්වේ බලා යාමට සූදානම්ව සිටි සේතුපරන්ට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහුගේ ගමනට බාධා එල්ලවී ඇති බවත්, 21 අලුයම 2.00 ට පමණ ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ට යොමු කළ බවත් දැනගන්නට ඇත.

යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මෙම පියවර ගත් බව ගුවන්තොටුපල නිලධාරීන් පවසයි

Related posts

රට යථා තත්වයට පත්කිරිමට ජනතා සහය ඉදිරියටත් ඕනෑ – අගමැති

Helarata

පාසැල් නිවාඩුව තවත් දික්වේ..

Helarata

නිසර්ගාගේ වේගය වැඩිවෙයි..

Helarata

Leave a Comment

Translate »