හෙළරට - දේශිය පුවත්

මැලේසියාවේ සිටින ලාංකිකයන් කන්නවත් නැතැයි කියති…

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිරවී සිටින තමන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙරට රජයෙන් ඉල්ලා සිටිති.

රැකියාවන් සඳහා එරටට ගොස් සිටින 200කට වැඩි පිරිසක් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුහු සඳහන් කරති. පසුගිය මාර්තු මාසයේදී ක්වාලාලම්පූර් නගරය ඇතුළු නගර කීපයක් වසා දැමීමට මැලේසියානු රජය කටයුතු කර හේතුවෙන් එතෙක් කරගෙන ආ රැකියා කටයුතුද මෙම ශ්‍රී ලාංකිකයන්ට අහිමි වී තිබේ.


මෙම නගරය වසා දැමීමත් සමග කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව තැන තැන සිරවී සිටින තමන්ට මැලේසියා ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි බවද ඔවුහු පවසති. නමුත් මැලේසියාවේ ගුවන්යානා මෙරටට ගොඩබැස්සවීමට මෙරට බලධාරීන් අකැමැත්ත පළ කිරීම නිසා තමන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇතැයි කියා සිටිති.


‘‘සමහර දවස් වල අපිට කන්නවත් නැහැ. දවස් කීපයක්ම බිත්තරයක් එක්ක බත් ටිකක් විතරයි ආහාරයට ගත්තේ. අපි දැනට රැඳිලා ඉන්න තැන්වල සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සෑහීමකට පත්වෙන්න බැහැ. වෙනත් රටවල්වලින් මැලේසියාවට ගොස් සිටි අය මේ වනවිට ඔවුන්ගේ රටවල්වලට පිටත්වෙලා ගිහින්. අපිට තමයි මව් රටට එන්න ක්‍රමයක් නැත්​තේ. ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අපව මව්රටට ගෙන්වා ගන්නා ලෙසයි’’ යැයි ඔවුහු ඉල්ලිමක් කරමින් කියා සිටී .

Related posts

සිඟිති පාතාල වීඩියෝවලට වනවාසි හිමිගෙන් ප්‍රහාරයක්…

Helarata

අම්බලන්ගොඩදි නාවික සෙබළුන් ආ බසය අනතුරක..

Helarata

මැතිවරණයට අභියෝගය කරමින් වෙල්ගම සහ පාඨලීගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Helarata

Leave a Comment

Translate »