හෙළරට - දේශිය පුවත්

යුද හමුදාපතිට “හෙළරට ” සුබපැතුම්….

වැඩ­බ­ලන ආර­ක්‍ෂක මාණ්ඩ­ලික ප්‍රධානී හා යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ උපන් දිනය 22 යෙදී ඇත. 2019 අගෝස්තු මස 18 වැනි දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ලුති­නන් ජෙන­රාල් නිල­යට උසස් කර 23 වන යුද හමු­දා­ප­ති­ව­රයා ලෙස ඒ මහතා පත් විය.

ලුති­නන් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමු­දා­පති ලෙස පත් වන අව­ස්ථාව වන විට ගජබා රෙජි­මේ­න්තුවේ රෙජි­මේන්තු අධි­පති සහ කමාන්ඩෝ රෙජි­මේ­න්තුවේ රෙජි­මේන්තු අධි­පති මෙන්ම යුද හමුදා මාණ්ඩ­ලික ප්‍රධානී ධූරය ද හෙබැවීය.

ලුති­නන් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, වර්ත­මා­නයේ විශේෂ බළකා රෙජි­මේන්තු අධි­පති ධූර­යද හොබ­වන අතර, 2020 ජන­වාරි මස 02 වැනි­දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි වැඩ­බ­ලන ආර­ක්‍ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ලෙසද සන්නද්ධ හමුදා සේනා­ධි­නා­යක ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්‍ෂ මහතා විසින් පත් කර ඇත.

Related posts

පානදුර රැඳිසිටි 1500ක් ගම්බිම්වලට..

Helarata

පි.එච්.අයිට යතුරු පැදි..

Helarata

මංතීරුවෙන් හෙට සිට දඩ…

Helarata

Leave a Comment

Translate »