හෙළරට - දේශිය පුවත්

රට ඉන්න අපේ 23ක් කොරෝනාවෙන් මියගිහින්…

විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 23 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය සහ ඕමානය යන රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ පිරිසකි. මෙම ශ්‍රමිකයන් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාල සීමාවේ මියගොස් තිබේ.


ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාලවලට දැනුම්දි තිබේ.

Related posts

ජිම් අරින්න පවිත්‍රා සුදානම්….

Helarata

ලොවපුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මරුට..

Helarata

උෂ්ණත්වමාන නැතිව පාසල් ඇරේ….

Helarata

Leave a Comment

Translate »