හෙළරට - දේශිය පුවත්

සාංචියට ජුලි 5 සිට යන්න….

ශ්‍රී ලාංකික බෞද්ධයනට ඉමහත් පූජනීය පුදබිමක් වන දඹදිව සාංචි චෛත්‍ය පුදබිම ජූලි 05 සිට නැවත විවෘත කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.


නගර වසා තැබීම් (lock down) ඉවත් කළ විගස මෙම පුදබිම දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ට යළි වන්දනාමානා කිරීමට අවසථාව සලසා දෙන බවට ඉන්දීය රජය දී තිබූ ප්‍රතිඥාව අනුව මෙම තීරණය ගෙන ඇති බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමි පවසයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නියමයන්ට අනුව ශරීර උෂ්ණත්වය සහ දෑත් පිරිසුදු කිරීම වැනි සෞඛ්‍යාරකෂිත ක්‍රම අනුගමනය කරමින් සාංචි පුදබිමට බැතිමතුන්ට ඇතුළුවීමට සියලු පහසුකම් සපයන බවත් මෙම පුදබිමට පැමිණෙන අයගෙන් සියයට අසූවක් ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් වන බැවින්, එම ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ට සාංචි චෛත්‍ය පුදබිමට පැමිණෙන ලෙස විවෘතව ආරාධනා කරන බවත්, එසේ පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ආරක්ෂිතව නැවත සියරටට යැවීමට කටයුතු කරන බවත් ඉන්දීය සංස්කෘතික හා සංචාරක ඇමැති ප්‍රහ්ලාද්සිං සාංචි විහාර පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා තිබේ.


එසේම ඉන්දියාවේ සෙසු බෞද්ධ සිද්ධස්ථාන ද වැඳ පුදා ගැනීමට ශ්‍රී ලාංකික හා සෙසු බෞද්ධ බැතිමතුන්ට කඩිනමින් අවස්ථාව සලසා දෙන බවද ඇමැතිවරයා මෙහිදි පැවසිය

Related posts

කුවේටයෙන් ලාංකිකයන් 462ක් රැගෙන එයි…

Helarata

අලි මිනිස් ගැටුම සමතයට පත්වන ලෙස සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න..

Helarata

හෙළරට පුවතට අගමැති අවධානය…

Helarata

Leave a Comment

Translate »