හෙළරට - දේශිය පුවත්

පුරාවිද්‍යා කොමසාරිස්ගේ විශ්‍රාම ඉල්ලිමට රජය හරස්වෙයි…

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සෙනරත් දිසානායක විශ්‍රාම යෑමට කල් තිබියදී සිය විශ්‍රාම යෑමේ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


විදේශීය විශ්වවිද්‍යාලයක සේවය කිරීමට යෑම සඳහා තමා විශ්‍රාම ගැනීමට තීරණය කළ බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් දක්වා ඇත.


කෙසේ නමුත්, ඔහුගේ ලිපිය රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. පුරාවිද්‍යාව සම්බන්ධව ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට තිබෙන බවත්, ඒ සඳහා මහාචාර්ය සෙනරත් දිසානායකගේ සේවය අත්‍යවශ්‍ය බැවින් ඔහුගේ විශ්‍රාම යෑමේ ලිපිය ප්‍රතික්ෂේප කළ බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ජූනි 20 වනදා මැතිවරණයට සුදුසු වාතාවරණයක් රට තුළ නෑ – මැතිවරණ කොමිසම අධිකරණයට දන්වයි…

Helarata

කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ 35 ට එහා වාර්තා වේ.

Helarata

හැදුනුම්පතේ අංකය අනුව පා ගමනින් ඖෂධ ගන්න යන්න…

Helarata

Leave a Comment

Translate »