හෙළරට - දේශිය පුවත්

බෙල්ලන්විල පෙරහර අගොස්තු 16 සිට…

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථ වාර්ෂික ඇසළ උත්සවය අගෝස්තු 16 සිට 23 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැවසුහ.


ඒ අනුව කප් සිටුවීම අගෝස්තු මස 12 වෙනි බදාදා සිදුකෙරේ. මේ පිළිබඳව ප්‍රථම ධර්ම දේශනය 16 දිනට යෙදී ඇත. ඇසළ උත්සවයේ නිර්මාතෘ අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමියන්ගේ හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ ගුණ සමරු ධර්ම දේශනය 19 දින පැවැත්වේ. 20 වෙනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය පැවැත්වෙනු ඇත.

අගෝස්තු 21 දින විහාරස්ථානය තුළ පවත්වන මල් පෙරහර හා 22 දින පාවාඩ පෙරහර පැවැත්වේ. අගෝස්තු මස 23 දින බොරලැස්ගමුව තොටුපොළේ දියකැපීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් අනතුරුව පිරිනමන දේව දානයත් සමග ඇසළ පුණ්‍යෝත්සවය නිමාවට පත්වේ.

Related posts

රැකියා අහිමිවුවන්ගේ අභියාචනාවලට වෙනම කවුළුවක්..

Helarata

වෙසක් සමයේ හැසිරිම යහපත්…

Helarata

Fit Couples Share Tips On Working Out Together

Helarata

Leave a Comment

Translate »