හෙළරට - ප්‍රාදේශීය පුවත්

කැස්බෑව මත් දාව්‍ය නිවාරණ පාලන කමිටුව සක්‍රීය කෙරේ…

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මත් දාව්‍ය නිවාරණ පාලන කමිටු සක්‍රීය කිරීමේ වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත් දාව්‍ය නිවාරණ පාලන කමිටුව සක්‍රීය කිරීම ඊයේ ( 2020 ජූනි 22 ) සිදු කෙරුණා.

ඒ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී.පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත් දාව්‍ය උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳවත්, ඒ සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් හරහා වැඩසටහන් සකස් විය යුතු හා එ්වා ක්‍රියාත්මක විය යුතු ආකාරයත් පිළබඳ ව මෙහි දී සුවිශේෂී අවධානයක් යොමු කරනු ලැබුවා.

කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක් ව සිටියා.

කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Related posts

බලංගොඩ කඩයක් ගිනිගෙන පියා- දියණිය මරුට

Helarata

කොරෝනා වලට වැට බැදි කෑගල්ලේ සෞඛ්‍ය සේවකයෝ ඇගයේ…

Helarata

බොල්ගොඩ ගගේ ස්කාගාරයක්..

Helarata

Leave a Comment

Translate »