හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ජල ගැටළුවට පිලියම් යෙදීමට දිසාපති මැදිහත් වේ..

🖋️කෑගල්ල රාජපක්ෂ


කෑගල්ල නගරයේ ජල සැපයුම විධිමත් කිරීම සහ අනාගත ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පවතින ගැටළු නිරාකරණය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රැස්වීමක් (19) දිව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වන විට ගැටළු නිරාකරණය කරගනිමින් ජල සැපයුම යථා පරිදි ලබා දීමට කටයුතු කරන බව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙහි දී සඳහන් කළහ. දිස්ත්‍රික්කයේ විවිධ ගැටළු සහගත ජල යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කිරීම මෙහි දී සිදුකෙරිණි

අනාගත ජල අවශ්‍යතාව සැපිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණ අතර ඉදිරියේ දී ජලය ලබා ගත හැකි ක්‍රමයන් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

ප්‍රජාවට ජලය ලබා දීම ප්‍රමුඛ කාර්ය වන අතර එම කාර්යය ඉටුකිරීමේ දී දේපල හානි නොවන ලෙස කටයුතු කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන සහ ඉඩම්) දිනීෂා එස් රත්නායක, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ ජී එස් නිශාන්ත, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල, දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී සුදන්ත රංජිත් අමරසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

සිංහල කවි සම්මේලනයෙන් වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේදෙට ආරක්ෂිත ඇදුම් කට්ටල

Helarata

ඉන්දියාව කාපු පළගැටියා ලංකාවත් කන්න ඇවිත්…

Helarata

Leave a Comment

Translate »