හෙළරට - දේශිය පුවත්

කොටි කළ අපරාධවලට කරුණාගේ කතාව නිදසුනක්…

ලංකාවට එරෙහිව ජිනීවා සිට ඇඟිල්ල දිගු කරන රටවලට කොටි ත්‍රස්තවාදීන්ගේ තිබූ කුරිරු අමානුෂිකත්වය කෙතරම්ද යන්න තේරුම් ගැනීමට කරුණා අම්මාන්ගේ ප්‍රකාශය හොඳ නිදසුනක් බව විදේශ කටයුතු කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.


යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් කළ අමානුෂික ක්‍රියාවන් සම්බන්ධ ඇතැම් බටහිර රටවල් කටක් නොඅරින බවත් එවන් පසුබිමක කරුණා අම්මාන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හොඳ බවත් හෙතෙම කීය.


දළදා සමිඳුන් වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීමට (23 වැනිදා) මහනුවරට පැමිණි ඇමැතිවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවැසුවේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සම්බන්ධව සිටි අතීතය පිළිබඳව කරුණා අම්මාන් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ ආණ්ඩුවට වගකීමක් නොමැති බවද එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


අදාළ සිදුවීම වන විට තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු බවත් එයට විරෝධතාවය දැක්වූ පාර්ලිමේන්තුවේ නැගී සිටි අතළොස්සක් වූ මන්ත්‍රීවරුන් අතරින් තමන්ද එක් අයෙකු බවත් හෙතෙම කිය.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා 5 වන හා 6 වන ආසාදිතයන් හමුවේ.

Helarata

අම්බලන්තොට පවුල් 3 ක 15ක් නිරෝධානයට…

Helarata

මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනෙකු මරුට..

Helarata

Leave a Comment

Translate »