හෙළරට - විදෙස් පුවත්

ග්‍රීන්කාඩ් සහනයට ට්‍රම්ප්ගෙන් උදැල්ලක්…

වසර 2020 අව­සාන භාගය වන තෙක් ග්‍රීන් කාඩ් සහ විදේශ ශ්‍රමි­ක­යන්ට ලබා­දෙන අනෙ­කුත් සහන අව­ලංගු කිරී­මට අමෙ­රි­කානු ජන­පති ඩොනල්ඩ් ට්‍රම්ප් තීර­ණය කර ඇත. අධි කුස­ලතා ඇති තාක්ෂ­ණික සේව­ක­යන්, කෘෂි කාර්මික නොවන කාලීන අත් උද­ව්ක­රු­වන්, සහන ළම­යින් බලා­ග­න්නි­යන් සහ ඉහළ විධා­ය­ක­යන් මේ තීර­ණ­යෙන් අසී­රු­තා­වට පත් වී තිබේ. මේ තීර­ණ­යෙන් කොරෝනා වසං­ග­තය නිසා ආදා­යම් මාර්ග අහිමි වූ අමෙ­රි­කානු ජාති­ක­යන්ට සහ­න­යක් උදාවේ යැයි බලා­පො­රොත්තු වේ.

එහෙත් විවේ­ච­ක­යන් ප්‍රකාශ කරන්නේ ධවල මන්දි­රය කොරෝනා වසං­ග­ත­යට මුවා වී සංක්‍ර­ම­ණි­ක­යන් දඩ­ය­මට අර අදින බවයි. මේ තත්ත්වය නිසා පුද්ග­ල­යන් 525,000කට බල­පෑ­මක් ඇති වෙතැයි වාර්තා සඳ­හන් කරයි. මේ අතර ග්‍රීන් කාඩ් සඳහා නිය­මි­තව සිටි 170,000ක පිරි­ස­කගේ බල­පත්‍ර අප්‍රේල් මාසයේ නතර කරන බව ධවල මන්දි­රය කලින් නිවේ­ද­නය කළ අතර, එය ක්‍රියා­ත්මක වීමට තිබුණේ ගෙවුණු සඳුදා ය.

Related posts

ගුගිනෝ තල්ලුකළ පොලිස් නිලධාරින්ට වැඩවරදි…

Helarata

පාකිස්තානයේ ගුවන් අනතුරක් …

Helarata

පොඩි ට්‍රම්ප්ට තහනමක්…

Helarata

Leave a Comment

Translate »