හෙළරට - දේශිය පුවත්

ඇමෙරිකානුවන්ට යුරෝපයේ දොර වැසේ….

කොරෝනා වයිරසය පැතිර යෑම හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල් අතර සංචාරය කිරීමට පැනවූ තහනම පාලනයක් ඇතිව, ලබන මස පළමුවෙනිදා සිට ඉවත් කිරීමට යුරෝපා සංගමය සැරසෙයි. ඒ අනුව යුරෝපා සංගමයට අයත් නම් කරන ලද රටවල් කිහිපයක දේශ සීමා, සංචාරක කටයුතු සඳහා විවෘත කෙරෙනු ඇත.


යුරෝපා සංගමයට අයත් නොවන රටවල් සම්බන්ධයෙන් එම තහනම ඉවත් කිරීමේ සූදානමක් ඇති බව සඳහන් නොවේ. එසේ වුවත් ඇමෙරිකා ජාතිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල සංචාරය කිරීම තවදුරටත් අත්හිටුවා තබන බව එම සංගමය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.


රුසියාව, බ්‍රසීලය, පේරු, පැනමාව, සෞදි අරාබිය යනාදී රටවල කොරෝනා වයිරසය තවමත් තදින් ව්‍යාප්ත වෙමින් ඇත. මේ නිසා එම රටවල්, ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් සහිත රටවල් හැටියට නම් කර තිබේ.


ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් සහිත රටවල් නම් කිරීම සඳහා, පුද්ගලයන් ලක්ෂයකට සිටින ආසාදිතයන් සංඛ්‍යාව නිර්ණායකයක් ලෙස භාවිතයට ගෙන තිබේ. රුසියාවේ සහ ඇමෙරිකාවේ සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇතැයි නම් කර තිබෙන ඇතැම් රටවල ආසාදිතයන් සංඛ්‍යාවට වඩා අඩු ය. එහෙත් රුසියාවේ සහ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යුරෝපයේ සෙසු රාජ්‍යවල සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව ඉහළ මට්ටමක ඇත.


ඇමෙරිකා ජාතිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළුවීම අත්හිටුවන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයද හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තාවල සඳහන් වේ. එනම්, යුරෝපා සංගමයට අයත් ස්කෙන්ජෙන් කලාපයේ රටවල ජනයාට ඇමෙරිකා දේශ සීමා වසා තැබීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු 16 වැනිදා ඒකමතිකව ගත් තීරණයයි.


යුරෝපා සංගමයට අයත් රටවල දේශසීමා විවෘත කිරීම සහ එම සංගමයේ රටවල සංචාරය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් නිර්ණායක සැකසීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. එම නිර්ණායක අනුව ලොව කවර රටවල ජනයාට යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි ද යන්න ඉදිරියේදී ලැයිස්තුවක් මගින් ඉදිරිපත් කෙරෙනු ඇත.


යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළුවීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එම සංගමයට අයත් රටවල් අතර පැහැදිලි තීරණයක් නැති බවද වාර්තා වේ. යුරෝපා සංගමයට අයත් ඇතැම් රටවල බලධාරීන් කල්පනා කරන්නේ ඉතා ඉක්මනින් උපරිම සංචාරකයන් ප්‍රමාණයක් තම රටවලට ගෙන්වා ගැනීම පිළිබඳව ය. තවත් සමහර යුරෝපා රටවල් තම රටවල ජනයාගේ සෞඛ්‍යයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරයි..

Related posts

අගමැති-කොන්සල් ජනරාල් හුළුගල්ලේ හමුව

Helarata

කොරෝනා මරණ ආදාහනයට නව නීති

Helarata

කෑගල්ලේ ඇතුවු ගින්න නවතම තතු…

Helarata

Leave a Comment

Translate »