හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාව තානාපති නිලධාරින් පිරිසක් පිටමං කරයි…..

ඉන්දියාව එරට පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගෙන් අඩක් පමණ ආපසු පාකිස්තානය වෙත පිටමං කිරීමට පියවර ගනිමින් සිටියි. මෙම නිලධාරීන් මේ ආකාරයෙන් පිටමං කිරීමට සූදානම් වන්නේ ඔවුන් ඉන්දියාව තුළ ඔත්තු බැලීමේ කටුයුතුවල යෙදෙනවාය යන චෝදනාව මතය.

එමෙන්ම ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සබඳතා පවත්වන බවටද ඉන්දියාව චෝදනා කර තිබේ. මේ අතර පාකිස්තානයේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ද ඊට සමාන සංඛාවක් නැවත ඉන්දියාව වෙත ගෙන්වා ගනු ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.


ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට තරමක උණුසුම් තත්ත්වයක් මතු වෙමින් ඇති අතර මෙයට සති තුනකට පෙර මේ ආකාරයෙන්ම තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු පිටමං කිරීමට ඉන්දියාව කටයුතු කළේය.


එහි දී එල්ල වූ චෝදනාව වූයේ ඔවුන් ඉන්දියානු හමුදා පිළිබඳ ඔත්තු බැලීමෙහි නිරත වූවාය යන්නයි. මෙම පිටමං කිරීමෙන් පසු පාකිස්තානයද ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.


ඉන්දියාව චෝදනා කළේ මෙම සේවකයන් දෙදෙනා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවටයි. නමුත් පාකිස්තානය පැවසුවේ ඔවුන් පදිකයකු රිය අනතුරකට ලක් කර පලායාමක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වධ දී ඇති බවටද ඉන්දියාව චෝදනා කර තිබිණි.

පාකිස්තානයෙහි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට විවිධ බලපෑම් සහ බාධාවන් සිදු කිරීම දිගු කාලයක සිට කෙරෙමින් තිබෙන්නක් බව සදහන්වේ.

Related posts

අම්ෆන් ඉන්දියාවට පනී…

Helarata

අප්‍රිකාව දැඩි අවදානමක..

Helarata

දියුණු රටවල් අසරණවුණා ලාංකික⁣⁣යනි ප්‍රවේශම් වන්න !

Helarata

Leave a Comment

Translate »