හෙළරට - දේශිය පුවත්

කොරියාව ටිකක් පස්සට යයි…

උතුරු කොරියාව, දකුණු කොරියාවට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග සඳහා වන සැලසුම් අත්හිටුවා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෑත සතිවලදී දකුණු කොරියාවේ ‘දේශ සීමා හරහා පත්‍රිකා යැවීමේ’ ක්‍රියාවලියට විරෝධය පළකරමින් දකුණද එකට එක්කිරීමට උතු​රේ බලධාරීන් සූදානම් වුවද එම සැලසුම් හදිසියේ අත්හිටුවා ඇත.


දකුණු කොරියාව සමග සන්නිවේදන කටයුතු සිදුකළ ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය පුපුරුවා හැරීමට උතුරු කොරියාව කටයුතු කළ අතර දේශසීමා ප්‍රදේශයට හමුදාව යොමුකරන බවටද තර්ජනය කළේය.


එහෙත් උතුරු කොරියානු නායක කිම්​ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී දකුණට එරෙහි සැලසුම් අත්හිටුවීමට තීරණය කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර දකුණු කොරියාවට එරෙහි පාඨ විකාශය කරමින් දේශසීමාවේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රද උතුර විසින් ගලවා ඉවත් කර ඇතැයි දකුණු කොරියාවේ ‘යොන්හැප්’ පුවත් සේවය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් දේශසීමාව හරහා බැලුන් උපයෝගී කරගෙන දේශපාලන අදහස් ප්‍රචාරය කිරීම නැවැත්වීමට මෙතෙක් දකුණු කොරියාව සමත් වී නැත.


දේශපාලන විශ්ලේෂකයන් පවසා ඇත්තේ උතුරේ මෙම යහපත් වීමේ හදිසි වුවමනාව පිළිබඳව විශාල විශ්වාසයක් තැබිය නොහැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ උතුර සිය මිලිටරි සැලසුම් අත්හිටුවා ඇති නමුත් ඒවා අවලංගු කර නොමැති බවය.

Related posts

ප්‍රවීණ ගීත රචක මර්වින් සේනාරත්න සමුගනී….

Helarata

අගමැති නැකතට පැල සිටුවයි…

Helarata

අන්තර් පළාත් බස් රථ ධාවනය නවතී…

Helarata

Leave a Comment

Translate »