හෙළරට - විදෙස් පුවත්

ජර්මනියේ දිස්ත්‍රික්ක දෙකක් යළි වැසේ…

ජර්මනිය තුළ නැවතත් කොරෝනා වයිරස ව්‍යාප්තිය වැඩි වේවිද යන බියක් මතුව තිබේ. මේ වනවිට එහි ප්‍රාන්තයක දිස්ත්‍රික්ක දෙකක් නැවතත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.


ඒ, ගුටර්ස්ලෝ සහ වොරන්ඩෝෆ් යන දිස්ත්‍රික්ක දෙකයි. ගුටර්ස්ලෝ නැමැති දිස්ත්‍රික්කයේ මස් ඇසුරුම් හලක් ආශ්‍රිතව පසුගිය දිනවල ආසාදිතයින් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.


මෙම දිස්ත්‍රික්ක දෙක වසා දැමීමෙන් පසු එම ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීමට අවශ්‍ය බවයි. පසුගිය මැයි මාසයේ ජර්මනිය සිය සංචරණ සීමා ලිහිල් කිරීමට පටන් ගැනීමෙන් පසු නැවත මෙවැනි වසා දැමීමක් සිදු කළ පළමු වතාව මෙයයි.

ජර්මනිය සැලකෙන්නේ කොරෝනා
වසංගතය සාර්ථක ආකාරයෙන් පාලනය කළ රටක් වශයෙනි. නමුත් දැන් නැවත එම තත්ත්වයට අභියෝගයක් එල්ල වෙමින් ඇත්ද යන සැකයක් මතුව තිබේ.


මෙම දිස්ත්‍රික්කවල පාසල්, තැබෑරුම්, ව්‍යායාම මධ්‍යස්ථාන, සිනමාශාලා ආදී සියල්ල නැවත වසා දැමීමට පියවර ගෙන ඇත.

ඉහත කී මස් ඇසුරුම්හලේ සේවකයන් දහස් ගණනක් නිරෝධායනය කිරීම සඳහාද පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔවුන් ගේ නිවෙස් අවටද දැඩි රැකවල් යොදා ඇතැයි සඳහන් වේ.

Related posts

පොඩි ට්‍රම්ප්ට තහනමක්…

Helarata

තායි ස්වෙච්ඡා සෞඛ්‍ය සේවකයන්ට ලෝකයෙන් පැසසුම්…

Helarata

The Penang Prelate’s cremation ceremony carried out in a simple manner..

Helarata

Leave a Comment

Translate »