හෙළරට - දේශිය පුවත්

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි අගමැති උපදෙස්…

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ තිබීම ඉදිරි අයවැය යෝජනාවලිය සැකසීමේදි පහසුවක් වන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 750ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව(price share supplement),නිෂ්පාදන දීමනාව(productivity incentive) සහ පැමිණිමේ දීමනාව(attendance incentive) යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය කළ ඉල්ලීමට අනුව වතු සමාගම් හිමිකරුවන් සමඟ (2020.06.25) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.


කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය නිසා වතු සමාගම් හිමිකරුවන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳවද මේ මොහොතේ අවධානය යොමු කරන ලෙස මෙහිදී ලංකා සේව්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.


මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, සී.බී.රත්නායක,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ,ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, මහ ලේකම් ජීවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා, වතු සමාගම් හිමිකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

Related posts

මුහුදු මහ විහාරය මෙන් වනසා දමා ඇති පුරාවිද්‍යා ස්ථානත් රැකදෙන්න…

Helarata

දඹදිව වෙසක් පින්කම් බැතිමතුන්ගෙන් තොරව ( Photo)

Helarata

කොරෝනා පරික්ෂණ වැඩි කරන්නැයි රනිල් කියයි..

Helarata

Leave a Comment

Translate »