හෙළරට - දේශිය පුවත්

කරුණාගෙන් පැය හතක ප්‍රකාශයක්….

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරින් (25වැනිදා) ඔහුගෙන් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

(25දා) පෙරවරු 10.30ට පමණ රහස් පොලිසියට පැමිණි කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත. අම්පාර ප්‍රදේශයේ දී ඉකුත් 17 වැනිදා පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී හමුදා නිලධාරීන් දෙදහසක්-තුන්දහහසක් අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා රහස් පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව ප්‍රකාශායක් ලබා ගැනීමට ඉකුත් 23 වැනි දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස කරුණා අම්මාන්ට දැනුම් දී තිබුණ ද, තමාට අසනීප බව ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දෙමින් රහස් පොලිසිය හමුවේ පෙනී නොසිටියේය. කරුණා අම්මාන් කළ ආන්දෝලානාත්මක ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ රහස් පොලිසියට නියෝග කර ඇත.

Related posts

කොළඹ කොරෝනා අාසාදියන් 33

Helarata

අමාත්‍ය තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි..

Helarata

කට වසා නොගත් අයට අනුරාධපුර වන්දනාව තහනම්…

Helarata

Leave a Comment

Translate »