හෙළරට - විදෙස් පුවත්

කාන්තා ලෝක කුසලාන තරඟවාලියේ සත්කාරයට නවසීලන්තය හා ඔස්ට්‍රෙිලියාව…

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

2023 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රටවල් ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව තේරී පත්වූ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියනි ඉන්ෆන්ටිනෝ 2020 ජුනි 25 වන දින නිවේදනය කළේය.

මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවට එක්ව තරඟ කල අතර කොලොම්බියාව තනි රටක් ලෙස තරඟ කළේය. අවසානයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය 22ට 13 ක ජයක් වාර්ථා කරමින් සත්කාරකත්වය හිමි කර ගත්හ.

මෙහිදී ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු, උතුරු හා මධ්‍යම ඇමරිකානු රටවල නියෝජිතයන්ගේ ඡන්ද ද නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවට ලැබුණු අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියනි ඉන්ෆන්ටිනෝ ගේ ඡන්දයද නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට ලැබුණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය රටවල් 37 කින් සමන්විත වන අතර බ්‍රසීලය සහ ජපානය ද මේ සඳහා ද මුලින් ඉදිරිපත් වී සිටි නමුත් පසුව ඔවුන් මෙම තරඟයෙන් ඉවත් වන්නට තීරණය කළහ.

නවසීලන්ත රජය විසින් තරඟාවලියට ඩොලර් මිලියන 25 ක මුදලක් වෙන්කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, මෙය දකුණු අර්ධගෝලයේ පිහිටි රටවල් විසින් මෙම තරඟාවලියට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාවද වේ.

මෙම තරඟාවලිය නවසීලන්තය විසින් සත්කාරත්වය සපයන සිව්වන ලෝක පාපන්දු තරඟාවලිය වන අතර 1999 දී පිරිමි 17 න් පහළ ලෝක කුසලානය, 2008 දී 17 න් පහළ කාන්තා ලෝක කුසලානය සහ 2015 දී 20 න් පහළ ලෝක කුසලානය මිට පෙර ඔවුන් සත්කාරත්වය සැපයු පාපන්දු තරඟාවලි වේ.

මිට අමතරව නවසීලන්තය විසින් 1987 වසරේ පැවැත්වූ ප්‍රථම ලෝක රග්බි කුසලානයේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව සමග එක්ව දරා ඇති අතර 2011 වසරේ ලෝක රග්බි කුසලානයේ සත්කාරකත්වය තනිව දැරීය. එමෙන්ම 1992 සහ 2015 වසරහි පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානය තරඟාවලි සඳහා ඕස්ට්‍රේලියාව සමග එක්ව සත්කරත්වය සපයා ඇත.

Related posts

ඩෙන්මාර්කය – නෝර්වේ උඩින් යන්න අවසර..

Helarata

“අපි සන්සුන්ව සිටිය යුතුයි. ආරම්භයේ දී මෙන් ම පරෙස්සම් වන්න.” – කාවෝ ගුවැන්ජින් හුබෙයි උප ආණ්ඩුකාර

Helarata

චිනයේ දෙවැනි කොරෝනා රැල්ලේ ආසදිතයින් 400 න් එහා යයි…

Helarata

Leave a Comment

Translate »