හෙළරට - දේශිය පුවත්

ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්..

කෑගල්ල සහ පොළාන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ඒකාබද්ධව ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු වැඩමුළුවක් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පසුගිය 23 වැනිදා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සිදු කෙරිණි.

කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් විධිමත් සෞඛයාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ඡන්දය ගණනය කළ යුතු ආකාරය පිළිබද අවධානය යොමු කරමින් මෙම පෙරහුරු වැඩසටහන පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී මහින්ද එස් වීරසූරිය, පොළොන්නරුව දිසාපති /දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.එ් ධර්මසිරි, කෑගල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් වෙල්ගම, පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

ඇමෙරිකාවේ මරණ 18,000 යි

Helarata

කොළඹ රැඳි සිටි 1200ක් ගම්බිම්වලට…

Helarata

රනිල් එජාපෙන් ඉවත්වෙයි….

Helarata

Leave a Comment

Translate »