හෙළරට - දේශිය පුවත්

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා එන්නත 300කට විදලා….

බ්‍රිතාන්‍යය කොරෝනා වයිරසය සඳහා වන තවත් අලුත් එන්නතක් මිනිසුන් සම්බන්ධයෙන් අත්හදාබැලීම ආරම්භ කර තිබේ.


මෙම පර්යේෂණය සිදු කරනු ලබන්නේ එරට ඉම්පීරියල් කොලෙජ් ඔෆ් ලන්ඩන් (Imperial College of London) නමැති ආයතනයය. ස්වේච්ඡා සාමාජිකයන් 300 දෙනෙකුට එන්නත ලබා දෙමින් ඉහත කී අත්හදාබැලීම ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මිනිසුන් සම්බන්ධයෙන් අත්හදාබැලීමට පෙර එය සතුන් යොදාගනිමින්ද අත්හදාබලා තිබිණි. එන්නත ආරක්‍ෂාකාරී බවත්, කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය වැඩි කිරීමට හේතු වී ඇති බවත් එහි දී අනාවරණය වී තිබේ. මේ වනවිට ලොව පුරා මෙවැනි එන්නත් 120 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පර්‌යේෂණ කටයුතු ඉදිරියට යමින් ඇත.


බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් අත්හදාබලමින් සිටින එන්නතද ඒ අතරින් විශාල අවධානයක් දිනාගත්තකි. දැන් අත්හදාබලමින් සිටින අලුත් එන්නතද ලබන වසරේ මුල් භාගයේ පමණ ලොව පුරා බෙදා හැරීමට හැකි වනු ඇති බවට ඉහත කී ඉම්පීරියල් කොලෙජ් ඔෆ් ලන්ඩන් හි පර්‌යේෂකයෝ විශ්වාසය පළ කරති. මිනිසුන් යොදා ගනිමින් කරන අත්හදාබැලීම්වල දෙවැනි අදියරක් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ වනු ඇත.

Related posts

වෙසක් පෝය නිමිත්තෙන් රාමාඤ්ඤ මහ නිකායෙන් නිවේදනයක්…

Helarata

අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ සේවාවලට පමණයි..

Helarata

ප්‍රඥාවංශ අනුනාහිමි ආදාහන පූජෝත්සවයට මහ සෙනඟක්..

Helarata

Leave a Comment

Translate »