හෙළරට - විදෙස් පුවත්

රාජකීය තැපෑලේ 2000ක් එළියට….

සිය කළමනාකරුවන් 2000ක් සේවයෙන් ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයේ රාජකීය තැපැල් සේවය සූදානම් වේ.


කොවිඩ්-19 වසංගතය හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික අර්බුද මධ්‍යයේ මෙම අසීරු තීරණය ගැනීමට සිදුවූ බව ‘රාජකීය තැපෑල’ ප්‍රකාශ කර ඇත. මෙම සංඛ්‍යාව බ්‍රිතාන්‍ය තැපැල් සේවයෙත්, කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් පහෙන් එකක අගයකි.


වසංගතයට පෙර සිටම රාජකීය තැපැල් සේවාව අර්බුදයට ලක්ව පැවතුණු අතර දැන් තැපෑල පත්ව ඇති නවතම අර්බුදය වී ඇත්තේ කොවිඩ්-19 වයිරසය තැවරුණු ලිපි සහ පාර්සල් ජනතාව අතර හුවමාරු වීමයි. එම නිසා ජනතාව තැපෑල භාවිත කිරීම දැඩි සේ සීමාකර ඇති බැවින් එහි ආදායම් සීමා වී තිබේ.


‘රාජකීය තැපෑල’ අනාවරණය කරන ආකාරයට දැනට එහි කළමනාකරුවන් 9700ක් පමණ සේවය කරති. වඩාත්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීමේ අවදානමට මුහුණ දී සිටිති. කෙසේ වෙතත් ‘සේවයේ ගුණාත්මක භාවය’ ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලට බලපෑමක් එල්ල නොකරන බවද බ්‍රිතාන්‍ය තැපැල් සේවය ප්‍රකාශ කරයි.

තැපෑල අර්බුදයට ලක්ව ඇති මොහොතක එහි ප්‍රධාන විධායක නිලධාරියාව සිටි රිකෝ බැක් හදිසියේ පසුගිය මැයි මාසයේදී ඉවත් වීමද ආයතනයට බලවත් පාඩුවක් වී තිබේ. රාජකීය තැපෑල නිවේදනය කළ ආකාරයට සැලසුම් කර ඇති රැකියා කප්පාදුව මගින් 2021 මාර්තු වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 130ක් ඉතිරි කරගැනීමට අපේක්ෂා කෙරේ. තැපෑල 2020දී සිය කොටස් සංචිතයන්ට ලාභාංශ ගෙවා නැති අතර 2021දී ද ලාභාංශ ගෙවීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි දැනටමත් ප්‍රකාශ ක⁣ර ඇත.

Related posts

සහිඩ් අෆ්‍රිඩිට කොරෝනා …

Helarata

කොරෝනා එන්නත් තරඟයට ඉන්දියාවත් එක්වෙයි..

Helarata

මුස්ලිම්වරුන්ට සෞදියෙන් නිවේදනයක්..

Helarata

Leave a Comment

Translate »