හෙළරට - විදෙස් පුවත්

ලබන සතියවෙනවිට කොරෝනා ආසාදිතයන් මිලියන 10ක්…

මේ වනවිට කොවිඩ් 19 වසංගතය පැතිරෙමින් ඇති වේගය අනුව ලබන සතිය වනවිට ලෝකයේ සමස්ත ආසාදිතයන් ගණන කෝටිය (මිලියන 10) ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රෝස් ගෙබ්‍රෙයේසස් සඳහන් කර තිබේ. පසුගිය බදාදා වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන් ගණන මිලියන 9.2 කට ආසන්න විය.


ලොව පුරා මියගිය රෝගීන් ගණන 470,000 ඉක්මවා තිබිණි.


කොවිඩ් ව්‍යාප්තියට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාල අවධානයක් යොමුවන කලාපයක් වී ඇත්තේ ඇමෙරිකානු කලාපයයි. එම සංවිධානයේ අධ්‍යක්‍ෂවරයකු වන මයික් රයන් පවසා තිබුණේ ඇමෙරිකානු කලාපයේ බොහෝ රටවල වසංගතය තවමත් එහි උපරිමයට ළඟා වී නොමැති බවයි. විශේෂයෙන් මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු රටවල තත්ත්වය බරපතළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දී තිබේ.


ඉදිරි සතිවල මෙම රටවල වසංගතය තවදුරටත් උත්සන්න වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවටද අදහස් පළවී තිබේ. පසුගිය සතිය තුළ මෙම ඇතැම් රටවල ආසාදිතයන් සංඛ්‍යා සියයට 25-50 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත

Related posts

ඇමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 15 යි….

Helarata

එළිසබෙත් මහරැජින උපන්දින උත්සවය නවතයි..

Helarata

සටන් ජයගත්තත් යුද්ධය ජය ගෙන නැහැ…

Helarata

Leave a Comment

Translate »