හෙළරට - දේශිය පුවත්

සා.පෙළ හා උ.පෙළ විභාග දින කඩිනම්කරන්නැයි උපදෙස්….

අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පිළිබඳ සාකච්ඡා කර නිශ්චිත දින වකවානු හැකි ඉක්මනින් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට (24වැනිදා) පැවැති කැබිනට් රැස්වීමේ දී උපදෙස් දී ඇත.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (25දා) පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව පැවැසුවේය.


අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දෙක සම්බන්ධයෙන් ගුරුවරුන්, සිසුන්, අධ්‍යාපනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර අදාළ දින වකවානු හැකි ඉක්මනින් දැනුම් දෙන බව මෙහි දී අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

දිස්ත්‍රික් සීමා කඩන්නෝ අනිවාර්යයෙන්ම නිරෝධායනයට

Helarata

කවසකි දරුවන්ට මාන අල්ලයි…

Helarata

තවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ 50ක්….

Helarata

Leave a Comment

Translate »