හෙළරට - විදෙස් පුවත්

නවසීලන්තයේ උතුරු දිවයිනට ටෝනාඩෝවෙන් හානි….

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

පසුගිය පැය විසිහතර තුල ඇද හැළුණු දැඩි වර්ෂාපතනයත් ටොනේඩෝ තත්වයන් නිසාත් නවසීලන්තයේ උතුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විශාල හානි සිදුවී ඇත.

මේ නිසා ඇතැම් නිවාස සහ වෙළඳ ව්‍යාපාර ගොඩනැගිලි වලට දැඩි හානි සිදුවී ඇති අතර මංමාවත් ජලයෙන් යටවීමෙන් සහ ගස් හා විදුලි කණු කඩා වැටීමෙන් ඒවාටද අලාභ හානි සිදුවී ඇත.

මධ්‍යම රාත්‍රියේ සිට අලුයම එක දක්වා කාලය තුල පමණක් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 49 ක පමණ වර්ෂාපතනයක් ඇදහැලී ඇති අතර සුළං වේගය පැයට කිලෝමීටර 75ක් ලෙස වාර්තා වී ඇත.

ගංවතුර හේතුවෙන් ඇතැම් මාර්ග මේ වන විට වසා දමා ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රජය උපදෙස් දී තිබේ.

නවසීලන්ත කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මෙම තත්වය තවදුරටත් පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

Related posts

ඉන්දියානුවන් රැගෙන යන්න යානයක් එයි…

Helarata

ලොව කොරෝනා මරණ 120,000 ඉක්මවා යයි.

Helarata

අගමැති මෝදි අද ජාතිය අමතයි

Helarata

Leave a Comment

Translate »