හෙළරට - ප්‍රාදේශීය පුවත්

මහරගම ඩෙංගු මර්දන වැඩසටහන්….

කෙරෝනා වසංගත තත්තවය ද සමඟ ම ඉදිරි මෝසම් වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ ඇති විය හැකි ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව ද මේ වන විට දැඩි අවධානයක් යොමු ව තිබෙනවා.

සෞඛ්‍ය විසින් නිරන්තරයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, මහ ජනතාව දැනුවත් කිරීම තුළ ඩෙංගු රෝග වාහක මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමටත්, එවැනි ස්ථාන ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමටත්, ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, අවශ්‍ය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ දායකත්වය මෙම වැඩසටහන සඳහා ලබා දෙමින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ද එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබුවා.

පමුණුව, මහරගම නැගෙනහිර, මහරගම බටහිර ග්‍රාම නිලධාරී වසම් තුන මුල් කර ගනිමින් පැවති මෙම ඩෙංගු මර්දන වැඩ සටහන සඳහා මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද දායකත්වය ලබා දුන්නා.

මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

තොරතුරු- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය එ්කකය -

Related posts

කෑගල්ලටත් මී උණ අවධානම..

Helarata

ස්වයං නිරෝධනයවන පොලිස් නිලධාරින්ට පරිත්‍යාගයක්

Helarata

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

Leave a Comment

Translate »