හෙළරට - දේශිය පුවත්

ඇත්දළ තබාගත් කපුවා කපෝති….

නීති විරෝධි ලෙස ඇත් දළ දෙකක් ළඟ තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරිහු පසුගියදා සමත් වූහ.


හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව (28 වැනිදා) සවස මෙම වැටලීම කර තිබේ. කතරගම නගරය ආසන්නයේ ඇති අදාළ කපුමහතාගේ නිවස පරීක්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දළ යුගල සොයා ගත් බව වනජීවී නිලධාරීහු පැවැසූහ.


අදාළ ඇත් දළ යුගල ළඟ තබා ගැනීම සඳහා සකස්කර තිබූ ව්‍යාජ සහතිකපත් කිහිපයක්ද වන ජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.

Related posts

මල්වතු අස්ගිරි උපසම්පදාව කල් දමයි – මල්වතු අස්ගිරි මහනාහිමිවරු

Helarata

Now, More Than Ever, You Need To Find A Good Travel Agent

Helarata

රඹුක්කන පුද්ගල මළසිරුරක් ..

Helarata

Leave a Comment

Translate »