හෙළරට - දේශිය පුවත්

කුකුළාගේ තැන මොනරා අරන්…

මොර­ග­හ­කන්ද රක්ෂිත ප්‍රදේ­ශයේ ජීවත් වන මොන­රුන් මරා හෝට­ල්ව­ලට අලෙවි කරන සංවි­ධා­නා­ත්මක කල්ලි­යක් සිටින බවට මොර­ග­හ­කන්ද ආශ්‍රිත ගම්මා­න­වල ප්‍රදේ­ශ­වා­සීහු කියා සිටිති. වගා බිම්ව­ලට බර­ප­තළ හානි සිදු­ක­ර­මින් ගැව­සෙන මොන­රුන් ගිනි­අවි හා උගුල් උප­යෝගී කර ගනි­මින් මරා මස් පිණිස සකසා මාතලේ දිස්ත්‍රි­ක්කයේ හෝට­ල්ව­ලට අලෙවි කරන බව ඔවුහු කියති.

ඇළ­හැර, හඹ­රන මෙන්ම මාතලේ ප්‍රදේශ රැසක ක්‍රියා­ත්මක ආපන ශාලා­වල කුකුළු මස් වෙනු­වට අලෙවි කරනු ලබන මොනර මස් පිළි­බ­ඳව පාරි­භෝ­ගි­ක­යන් නොදන්නා බවත් මෙම ජාවා­රම කලක් තිස්සේ සිදු­වන බවත් තොර­තුරු හෙළි කරන පිරිස් කියා සිටිති.

රාත්‍රියේ මෙන්ම දහ­වල් කාලයේ ද ගිනි­අවි අත දරා­ගත් පුද්ග­ල­යන් මොර­ග­හ­කන්ද රක්ෂිත ප්‍රදේ­ශයේ සැරි­ස­රන බවත් වන අලි හා වෙනත් වන සතුන් හේතු­වෙන් මෙම ප්‍රදේ­ශ­ව­ලට ආර­ක්ෂක අංශ හෝ වෙනත් වග­කි­ව­යුතු පුද්ග­ල­යන්ට ළඟා වීමට ඇති බාධා­වන් ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් මෙම මොනර ජාවා­රම සිදු­ක­රන බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පව­සති. මේ සම්බ­න්ධ­යෙන් අදාළ අංශ­වල අව­ධා­නය කඩි­න­මින් යොමු විය යුතු බව ද ඔවුහු අව­ධා­ර­ණය කරති.

Related posts

ජපානයේ හදිසි නීතිය ඉවතට…

Helarata

කතරගම පෙරහර බලන්න එන්න එපා…

Helarata

What’s The Difference Between Vegan And Vegetarian?

Helarata

Leave a Comment

Translate »