හෙළරට - දේශිය පුවත්

කොරෝනා දැන් අමතක වෙලා….

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටේ ක්‍රියාත්මක කළ නිරෝධායන නීති ජනතාවගෙන් ගිලිහීමෙන් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.


කොවිඩ් දෙවැනි රැල්ලක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් නිරෝධායන නීති අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.


යළිත් වරක් වයිරසය ව්‍යාප්ත වීමට ජනතාවගේ ක්‍රියාකලාපය හේතු විය හැකි බව ඔහු අනතුරු අඟවයි. අත් සේදීම සඳහා ස්ථාන සකස් කර තිබුණත් ඇතැම් ස්ථානවල අත් සේදීමේ පහසුකම් ඉවත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපොළ විවෘත කරන විට නැවත රටට වයිරසය ඇතුළුවීමේ අවදානමක් ඇති බැවින් වයිරසය සමාජ සම්ප්‍රේෂණය වළක්වා ගැනීම ජනතාවගේ වගකිමක් බවද කිය.

Related posts

ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි..

Helarata

එජාපයෙන් තරුණයන්ට තැන..

Helarata

අද 6 සිට ගම්පහට ඇදිරි නීතිය.

Helarata

Leave a Comment

Translate »