හෙළරට - දේශිය පුවත්

ලංකාවේ ශාන්ති ඇමෙරිකාවෙිදි සමුගනී….

ඇමරිකා එක්සත් ජනපදයට කලකට පෙර ශ්‍රී ලංකාව විසින් පරිත්‍යාග කළ ‘ශාන්ති’ නමැති කෙනර මියගිය බව එරට ස්මිත් සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානය (Smith Sonian Bational Zoo) නිවේදනය කරයි. කෙසේ වුවත් කෙනර මියගොස් ඇත්තේ සත්ත්වෝද්‍යානය මගින් ඇයට ලබාදෙමින් තිබූ වෛද්‍ය ප්‍රතිකාර අත්හිටුවීම හේතුවෙනි.


ශාන්ති වසර ගණනාවක් තිස්සේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳ ඇත. මෙම තත්ත්වයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කර ඇති නමුත් මෑත කාලීනව ඇයට තවදුරටත් ප්‍රතිකාර කිරීම ඵල රහිත බවත්, කෙනර රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීම අසීරු බවත් පශු වෛද්‍යවරු අවසානයේ තීරණය කර තිබේ. පසුගිය ජුනි 26 වැනිදා 45 හැවිරිදි ඇයව මානුෂීයව මරණයට පත් කිරීම (Humanly Euthanize) ඔවුන් තීරණය කර ඇත.


(මානුෂීයව මරණයට පත්කිරීම යනු සම් සත්ත්වයකු සුව කිරීමට තවදුරටත් ප්‍රතිකාර කිරීම ප්‍රතිඵලදායක නැතැයි වෛද්‍යවරු තීරණය කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර අත්හිටුවා මරණයට පත්කිරීමයි.


‘‘මිනිස් රැකවරණය ලබන ආසියානු ගැහැනු අලි සාමාන්‍යයෙන් අවුරුදු 40ත් 45ත් අතර කාලයක් ජීවත් වේ. ශාන්ති මෙම සත්ත්වෝද්‍යානයේ වසර 44ක් ජීවත් වී ඇත.


එම කාලය තුළ වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති මෙම සත්ත්ව විශේෂයේ ජීව විද්‍යාත්මක පර්‌යේෂණ ප්‍රජනනය පිළිබඳ තොරතුරු, රෝග සහ පරිසර විද්‍යාව පිළිබඳ කටයුතුවලට ශාන්ති උපරිම දායකත්වය ලබාදුන්නා’’ යනුවෙන් ස්මිත් සෝනියන් සත්ත්වෝද්‍යානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

බස්නාහිර පෞද්ගලික බස්රථ හිමියන් වර්ජනයකට සැරසෙයි ….

Helarata

Millennials Have A Complicated Relationship With Travel

Helarata

නිකම් රවුම් ගැසු වාහන 6000ක් පොලිස්භාරයට…

Helarata

Leave a Comment

Translate »