හෙළරට - දේශිය පුවත්

ගාලුපාරේ අනතුරින් යතුරුපැදිකරු මරුට…

🖋️ජනක හෙට්ටිආරච්චි 


කොළඹ  – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී කන්ටේනරයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පෙරේදා (29) රාත්‍රියේ  සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල අය මිය ගොස් ඇතැයි කලුතර උතුර පොලිසිය පවසයි.


යතුරුපැදිය සහ කන්ටේනරය කලුතර සිට කොලඹ දෙසට ගමන් කොට ඇති අතර එම කන්ටේනරයේ යතුරුපැදිය ගැටී ඇති බව පොලිසිය පවසයි .


මිය ගොස් ඇත්තේ පානදුර පදිංචි අයෙකි.ඔහු සේවය නිමවා යමින් සිටියදී අනතුර ට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.මේ හේතුවෙන් ගාලුපාරේ වාහන තදබදයක්ද ඇති වී තිබිණ.


අනතුර සම්බන්ධව කන්ටේනරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර කලුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

වික්ටෝරියාවේ පැල්මක්….

Helarata

ලාංකිකයන් රැගෙන එන්න ඕස්ට්‍රෙිලියාවට ගුවන් යානයක්..

Helarata

ලංකාවේ ශාන්ති ඇමෙරිකාවෙිදි සමුගනී….

Helarata

Leave a Comment

Translate »