හෙළරට - දේශිය පුවත්

ට්‍රම්ප්⁣ගේ රැලියේදි සුද්දන්ගේ බලයක් ගැන කියලා….

සිය ආධාරකරුවකු ‘සුද්දන්ගේ බලය’ (White power) යනුවෙන් මහ හඬින් කෑගසන වීඩියෝවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළි වතාවක් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර ඇත. ෆ්ලෝරිඩාවේ විශ්‍රාමිකයන් රැඳී සිටින ට්‍රම්ප් ගැති පිරිසක් සහභාගි වූ මැතිවරණ රැලියකදී අදාළ සුදු ජාතික ආධාරකරුවා සුදු වාර්ගිකයන් පිළිබඳව උදම්අනමින් මෙලෙස මහ හඬින් කෑගසා තිබේ.

මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයට ජනාධිපති ට්‍රම්පිගේ ආධාරකරුවන් ‘සුද්දන් දිනේවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් ‘ගෝල්ඩ් රථ’ පෙළපාළියක ගමන් කරන අතර මාර්ගය දෙපස විරෝධතා පුවරු ඔසවාගෙන සිටින ට්‍රම්ප් විරෝධීහු අදාළ ට්‍රම්ප්වාදීන්ට බාධා කරමින් විරෝධය පළකරති. කෙසේ වෙතත් තමා නැවත වරක් ප්‍රචාරය කළ වීඩියෝව පිළිබඳව අදහස් පළ කරන ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා ‘වාර්ගික ආතතිය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා උපයෝගී කර නොගන්නා බවයි.

එසේම ‘සුද්දන්ගේ බලය’ යනුවෙන් කරන ප්‍රකාශය තමන්ට නෑසුණු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙම ට්විටර් පණිවුඩයට අඛණ්ඩව එල්ල වූ විරෝධතා හේතුවෙන් පෙරේදා සවස්වරුවේදී ජනාධිපති ට්‍රම්ප් අදාළ වීඩියෝව සිය ට්විටර් ගිණුමින් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. එහෙත් එම මකාදැමීමත් සමග නව පණිවුඩයක් ගිණුමට එක්කර ඇති ජනාධිපතිවරයා ඕල්ලන්ඩෝහි අදාළ රැලිය සංවිධානය කළ විශ්‍රාමික ප්‍රජාවට ස්තුතිය පළ කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් අදාළ විශ්‍රාමික ට්‍රම්ප්වාදීන්ට මාර්ගය දෙපස සිටි තවත් වාමාංශික විශ්‍රාමිකයන් පිරිසක් දැඩිව විරෝධය පළ කරමින් අසභ්‍ය වචනවලින් බැණවැදෙනු දැකගත හැකි විය. එසේම ට්‍රම්පිවාදීන්ට ‘නාසි වාදීන්’ ලෙස බැණ වදිනුද එම වීඩියෝවේ පැහැදිලිව සටහන්ව ඇත. එක්සත් ජනපද සෙනෙට් සභාවේ එකම කළු ජාතික රිපබ්ලිකන් සභිකයා වන ටිම් ස්කොට් සී.එන්.එන්. පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ ට්‍රම්ප් ප්‍රචාරය කළ මෙම වීඩියෝව ඉතාම ‘ආක්‍රමණශීලී’ එකක් බවත්, ජනාධිපතිවරයා කළු ජාතිකයන්ට එරෙහිව වෛරය වපුරමින් සිටින බවත්ය.

Related posts

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඇගයීමක්..

Helarata

ව්‍යාජ අංක දමා පාරිභෝගිකයා රැවටීමේ ව්‍යාපාරයක් – දම්පල් හරසර පදනම

Helarata

චෙන්නායි හි සිර වී ගර්භනියන් ඇතුළු 320ක් යළි මෙරටට..

Helarata

Leave a Comment

Translate »