හෙළරට - ප්‍රාදේශීය පුවත්

පාසැල් ඇරඹිමට පෙර ආරක්ෂිත සෞඛ්‍ය පිලිවෙත් කියාදේ…

🖋️කෑගල්ල ජී. රාජපක්ෂ

පාසල් යලි ආරමිභ කිරිමට පෙර පාසල් සිසුන් ගුරුභවතුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනිමේ අරමුණ ඇතිව යහපත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිලිබදව ගුරුභවතුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් 30 දින කෑගල්ල පරගම්මන ධර්මපාල විද්‍යලයේදි සිදුකෙරිණි.

මෙහිදි පාසල් ගෙට්ටුව අසල අත් සේදීමට අවශ්‍යය පහසුකමි සැලසීම ශරිර උෂ්ණත්වය මැනිම වීෂබීජහරණය නියාමනය සදහා යොමුකිරිම මාපියන් සහ ප්‍රජාව දැනුවත් කිරිම සන්නීවෙිදන ක්‍රම පුද්ගල දුරස්තභාවය පුද්ගල ස්වස්ථතාවය සහ අපදව්‍යය අපහරණය හා මාරාන්තික ඩෙංගු රෝගය පිලිබදව යන කරැණු පිලිබදව දැනුවත් කෙරැණී.

කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිධාශයට අයත් පුවක්දෙණිය බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිධාශ දෙකෙහි සියළුම පාසල් නියෝජනය කරමින් ගුරැවරැන් මෙ සදහා ඵක්ව සිටියහ.

ගුරුවරුන් හිතකර මහජන සෞඛ්‍ය පුරැදු පිලිබද දැනුවත් කිරිම සදහා කෑගල්ල අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දර්ශන විජේතුංග මහතා විසින් සිදුකල අතර මෙම අවස්ථාවට පුවක්දෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක අයි සෙනෙවිරත්න අලපලාවල මහජන සෞඛ්‍ය පරික්ෂක දුලින්ද විජේපාල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක යන මහත්වරුන් සහ ධර්මපාල විද්‍යලයේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ඵක්ව සිටියහ.

Related posts

කෑගල්ලෙන් 1939 ක් බහුකාර්ය සංවර්ධන බලකායට….

Helarata

නිරෝධායනය වෙමින් සිටි පිරිසකට ජලය ලබාදිමට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂක වරයකුට තියුණු ආයුධයකින් පහරදීමක්

Helarata

කොළඹ දිසාවෙන් කෝවිඩ් වලින් ආරක්ෂාවට රටට සෙත්පතා පිරිත්…

Helarata

Leave a Comment

Translate »