හෙළරට - දේශිය පුවත්

හරීන්ට සජිත් අයියා වගේලු…

තමන් වහන්සේගෙන් වරදක් සිදුවූ බවත්, ඇතැම් ප්‍රකාශ තුළින් මැතිවරණයට බලපෑමක් වුණ බවත් කාදිනල් හිමියන් තමා සමග පැවැසූ බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ (28 වැනිදා) ජන හමුවක් අමතමිනි. ඔහු මෙසේද පැවැසිය.

සජිත් ප්‍රේමදාස මහතා මාව කාදිනල්තුමා ළඟට ගෙනිච්චා. මාව ගෙනිච්චේ පක්ෂ නායකයෙක් හැටියට නොවෙයි. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනෑ. මට ඉන්නේ සහෝදරියක් විතරයි. සහෝදරයෙක් නෑ. සජිත් මගේ අයියා කෙනෙක් වගේ. ඒ කතා කරපු විදිහ දැක්කහම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා. ඒ මනුස්සයාගේ තියෙනවා හරි අවංක නිහතමානීකමක්. උද්දච්චකමක් නෑ. අයියා කෙනෙක් මල්ලි කෙනෙකුට බණිනවා වගේ මාව පැත්තකට අරන් ගිහිල්ලා උඹ දැන් මේක කරපංමයි කියලා කිව්වා. මට ඒකට බැහැ කියන්නත් බෑ.

මගේ ආගමික නායකයා මට එයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කියලා දීපු කතන්දරවලින් මට මගේ අඩුපාඩුව තේරෙනවා. අපි පෘථග්ජන මිනිස්සු. අපි අතින් වැරදි සිදුවෙනවා. මගේ අතිනුත් අඩුපාඩුවක් වුණා. කාදිනල් උන්නාන්සේ මට කිව්වා මගේ අතිනුත් වරදක් වුණා කියලා. අන්න ඒකයි උතුම්කම. උන්වහන්සේ කිව්වා මගේ සමහර ප්‍රකාශ මේ මැතිවරණයට බලපෑවා. ඒකෙන් එක් අපේක්ෂකයෙකුට වාසි වුණා. තවත් අපේක්ෂකයෙකුට අවාසි වුණා. මම දැනන් හිටියේ නෑ ඔයා මෙච්චර දුක්වෙලා තියෙනවා මේ ප්‍රශ්නයට, ඔයාගේ පවුලට මෙච්චර ප්‍රශ්න වුණා කියලා.

එතනින් පස්සේ මට ඕක ඇදගෙන යන්න ඕනෑ නෑ.

Related posts

කොරෝනා හැංගුවොත් දේපළ තහනම්…

Helarata

පැල්මඩුල්ල,නිවිතිගල, කිරිඇල්ල නාය අවදානමක්…

Helarata

These Fitness Tips Help Take Inches off Your Waistline

Helarata

Leave a Comment

Translate »