පින්කෙත හෙළරට - දේශිය පුවත්

ඇසළ පෝදා සංඝරාජ හිමි සිහිකරන්න…

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය දිවයිනේ සියලු විහාරස්ථාන වලින්
ඉල්ලා සිටී

🖋️ජනක හෙට්ටිආරච්චි

නූතන ශාසනෝන්නතියේ නිර්මාතෘ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් අනුස්මරණ දිනය යෙදෙන ඇසල පුන් පොහෝ දින විහාරස්ථාන වල පැවැත්වෙන පිංකම් වලදී උන්වහන්සේ සිහිපත් කරන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය දිවයිනේ සියලුම විහාරස්ථාන වලින් ඉල්ලා සිටිති.

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණෝ .

උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකි තරම් පිරිහී තිබුණු යුගයක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහයෙන් සම්බුද්ධ ශාසනය උදෙසා අනුපමේය සේවාවක් සිදු කල වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ස්මරණය කිරීම සියලු ත්‍රයිනිකායික ස්වාමීන්වහන්සේලා ගේ යුතුකමක් සේ සලකන බවද සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක , ශාස්ත්‍රපති ගෝණදූවේ ගුණානන්ද නාහිමියෝ පවසති.

Related posts

මහනුවරට හා බෙලිඅත්තට තවත් දුම්රිය දෙකක්….

Helarata

මුහුදු මහ විහාරය මෙන් වනසා දමා ඇති පුරාවිද්‍යා ස්ථානත් රැකදෙන්න…

Helarata

Microsoft Details Updates To The Bing Maps Web Control

Helarata

Leave a Comment

Translate »