හෙළරට - ප්‍රාදේශීය පුවත්

වෑගම නළ ලිදක් හේතුවෙන් ගම්මාන රැසකට පානීය ජලය සිඳී යෑමේ අවදානමක් ….

🖋️බිබිල වාර්තාකරු

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගම ග්‍රාම සේවා වසමේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති භූගත නළ ලිං ජල ව්‍යාපෘතිය හේතුවෙන් වෑගම ඇතුළු ගම්මාන රැසක ජලය සිදි යෑමේ අවදානමක් ඇති ඇති වී ඇති බව ගම්වාසීන් පවසයි..

වෑගම දකුණු ග්‍රාම සේවා වසමේ කුඹලේරුව ගමේ ඉදි කර ඇති මෙම නල ලිං ජල ව්‍යාපෘතිය හේතුවෙන් 2 කනුව , කුඹෙලේරුව, වෑගම උතුර , මුල්ලේ ගෙදර දෙල්කැටිය යන ගම් වල ඇති ලිං වල ජලය සිඳී යාමේ බරපතළ තත්ත්වයක මුහුණ දීමට ඉදිරියේදි සිදු වෙනු ඇතැයි ප්‍රදේශවාසීන් හෙළරට පුවත් සේවයට පැවසීය..

තව ද ඉදිරියේ දී ඇතිවන වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය පොම්ප කිරීම ට පටන් ගත හොත් උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදු වූ වෙනු ඇතැයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය .

එදිනෙදා ජීවනෝපාය කරගෙන යෑම සඳහා කෘෂිකාර්මික කටයුතු වලටද ඉදිරියේදී බලපෑමක් ඇති වෙනු ඇතැයි වෑඟම ප්‍රදේශවාසීන් පවසයි.

මේ පිළිබඳව බිබිල ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුවත් කළ බව ප්‍රදේශවාසීයකු අප සමග පැවසීය.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම නළ ලිදේ ජලය පොම්ප කිරීම නිසා අවට ළිංවල ජලය සිඳී යෑමේ ගැටලුව සොයා බලා විසඳුමක් ලබා දෙන ලෙස ය .

Related posts

බලාගන්නා සේවිකාව කොටි දෙනටම බිලි….

Helarata

කළුතර පන්සල් වල පැල සිටවේ …

Helarata

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

Leave a Comment

Translate »