හෙළරට - දේශිය පුවත්

මිල්ලන්ගොඩ ජයන්ති රාජා හස්ති රාජයා ජීවිතෙන් සමුගනී…

🖋️කෑගල්ල ජී. රාජපක්ෂ

ප්‍රසිද්ධ ව්‍යාපාරික, ඉඩම් හිමි වැවිලිකරු කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු දිස්ත්‍රික් සංවිධායක හා සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතාට අයත් මිල්ලන්ගොඩ අලි ඇත් පන්තියේ අවසන් ඇතා සෙ ජීවත් වූ පොඩි පුතා නමින් ඇමතූ ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ ශ්‍රී සධාතුක කරඩුව වැඩම වීමේ භාග්‍යලත් ජයන්ති රාජා හස්ති රාජයා ඊයේ (29) මොළගොඩ දී මෙලොවින් සමුගත්තේය.

අවුරුදු 70 ක් පමණ ජීවත් වූ ජයන්ති රාජා හස්ති රාජයා1956 වර්ෂයේ දී පමණ ආනන්ද මිල්ලන්ගොඩ මහතාගේ පියා විසින් ගෙනැවිත් ඇති දැඩි කළ හස්ති රාජයෙකි.

ජයන්ති රාජා හස්තියා ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ ශ්‍රී සධාතුක කරඩුව රැගෙන වාර කීපයක්ම පෙරහැරේ ගමන් කළ හස්ති රාජයෙක් වන අතර සබරගමු සමන් දේවාළය, අළුත් නුවර දේවාලය, ඵෙතිහාසික දෙවුන්දර දේවාලය, යනාදී දේවාල වල හා විහාරස්ථාන මුල්කරගෙන පවත්වනු ලබන පෙරහැර විශාල සංඛ්‍යාවක ගමන් කළ හස්ති රාජයකේ වෙයි.

ජයන්ති රාජා හස්ති රාජයාගේ අවසන් කටයුතු අද (30) සවස් වරුවේ දී මහා සංඝරත්නයේ ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු මිහිදන් කිරීමට කටයුතු සිදු කෙරිණ.

මෙම හස්ති රාජයාගේ අවසන් කටයුුතු අවස්ථාවට කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්වරුන් ද වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මිල්ලන්ගොඩ මහතාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

ජපානයේ හදිසි නීතිය ඉවතට…

Helarata

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැසට් එක නිකුත් කෙරේ…

Helarata

ලිපි ලක්ෂ 16ක් හිරවෙලා…

Helarata

Leave a Comment

Translate »