හෙළරට - දේශිය පුවත්

කැනඩා ලංකා ප්‍රේමය වැඩිවෙලා…

පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකාව සමග ඇති සබඳතා තව දුරටත් ශක්තිමත් වී ඇතැයි කැනඩාව පවසයි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ කැනඩා මහා කොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසන්නේ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්වීපාර්ශ්වික මිත්‍රත්වය දශක ගණනාවක් ඈතට දිවෙන බවයි.


ජූලි 01 වැනිදා යෙදෙන ‘කැනඩා දිනය’ නිමිත්තෙන් මහ කොමසාරිස්වරයා සමග පැවැති සැමරුමේදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය. කොවිඩ් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ සමුපකාර අංශයේ හා ක්ෂූද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ශක්‍යතා ශක්තිමත් කිරීම සඳහා අප සහයෝගය ලබා දෙන්නෙමු.’’ යැයි පැවැසූ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන තිරසාරභාවය පිළිබඳ හා මූල්‍යකරණ අභියෝගයන්ගෙන් මිදීමට සහාය දීම සඳහා කැනඩාව අන්තර් ජාතික මූල්‍ය ආයතන සමග කටයුතු කරන බව කියයි.

Related posts

ව්‍යාපාර ලෝකය ජයගත් ලංකාවේ පුංචි මිනිසා….

Helarata

අහස්යානා එනතුරු කටුනායක සේවක සීමාවක්…

Helarata

පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි විපක්ෂයේ නායකයෝ ඉල්ලති…

Helarata

Leave a Comment

Translate »