හෙළරට - දේශිය පුවත්

තැපැල් සේවක ගැටළුව අගමැති අවධානයට ….

රාජ්‍ය පරිපාලන 6/2006 චක්‍රලේඛය ක්‍රියාත්මක විමෙන් පසු එම චක්‍රලේඛයට අනුව හා ඉන් බාහිරව තැපැල් දෙපාර්තමේන්තුව තුළ ගනු ලැබූ අවිධිමත් තීන්දු හේතුවෙන් සමස්ත තැපැල් සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ 2020.07.02) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි එම සන්ධානය මේ බව ප්‍රකාශ කළේය.


එම ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් සෙවීම සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව තීරණය වුව ද 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමඟ එය ක්‍රියාත්මක නොකළ බවද ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.


පසුව යහපාලන රජය අවසාන කාලයේදී මෙම ගැටළුව සඳහා රනුක් කොමිසම වාර්තාව හරහා ඉදිරිපත් කළ යෝජනා තුළින් තවදුරටත් තැපැල් සේවකයින් බහුතරයකට බලවත් අසාධාරණයක් සිදු වූ බවද ඔවුන් සඳහන් කළේය.


ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දුන් ගැටළු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

Related posts

ජිම් අරින්න පවිත්‍රා සුදානම්….

Helarata

ශ්‍රි ලංකා කුවේට් විදේශ ඇමැතිවරු ශ්‍රමිකයන් ගැන සාකච්ජාවක..

Helarata

අමුත්තන්ට රැඳවියන් බැලීම අත්හිටුවයි…

Helarata

Leave a Comment

Translate »