හෙළරට - විදෙස් පුවත්

දිනකට ඇමෙරිකාවේ ලක්ෂයකට කොරෝනා….

කොරෝනා වයිරසය දිනකට ඇමරිකානුවන් ලක්ෂයකට ආසාදනය විය හැකි බවට මත පළ වේ. මේ බැව් ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයට පසුගිය දා ප්‍රකාශ කළේ ඇන්තනී ෆවුසි නමැති පර්‌යේෂකයෙකි. හෙතෙම වසංගත රෝග පිළිබඳව පර්‌යේෂණ සිදුකරන කීර්තිමත් පර්‌යේෂකයකු බව සඳහන් වේ.


‘පැහැදිලිවම අප මේ වනවිටත් (කොරෝනා) පාලනය කර නැහැ’ යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබිණ.ඇමරිකාවේ කොරෝනා අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාව ඇතැම් දිනවලදී 40,000 ඉක්මවන බව වාර්තාවන්හි දැක්වේ.


කොරෝනා වයිරසය ඇමරිකාවේ ප්‍රාන්ත 16ක පමණ තදින් පැතිර යයි. ඇලබාමා, අර්කන්සාස්, ඇරිසෝනා, ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා,ටෙක්සාස් සහ උටා යන ප්‍රාන්තවල කොරෝනා වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ පළමුවෙන්ම ය. මේ ප්‍රාන්ත අට අතරට කොරෝනා තදින් පැතිර යන තවත් ප්‍රාන්ත අටක නම් අලුතෙන් එකතු වී තිබේ. කැලිෆෝර්නියා, ජෝර්ජියා, අයෝවා, ඉදෝ, ලුසියානා, මිසිසිපි, නෙවාඩා සහ ටෙනිස්සේ යන ප්‍රාන්තය එලෙස අලුතින් එකතු වී ඇත.


එසේ වුවත් ඇරිසෝනා, ෆ්ලොරීඩා, ටෙක්සාස් සහ කැලිෆෝර්නියා යන ප්‍රාන්තවල කොරෝනා වයිරසය පැතිර යෑම භයානක මට්ටමක පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති..

Related posts

පැරණි මරණයක් සිහිකර ප්‍රංශයේ විරෝධතා….

Helarata

බ්‍රිතාන්‍ය ජුලි 4 දක්වා වැට බඳි…

Helarata

ගුගිනෝ තල්ලුකළ පොලිස් නිලධාරින්ට වැඩවරදි…

Helarata

Leave a Comment

Translate »